• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ රැස්වීමට බිත්තර ප්‍රහාරය එල්ල කළේ කව්ද? විජිත නම්ගම් සමග මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

January 31, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජවිපෙ රැස්වීමට බිත්තර ප්‍රහාරය එල්ල කළේ කව්ද? විජිත නම්ගම් සමග මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඔහු මේ බව පැවසූවේ ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අවස්ථාවේ මැර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ පිරිසක් ජනතාව විසින් අල්ලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා බත්තරමුල්ල පැලවත්ත හි පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (31) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්…,

“ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ ඇත්ත ප්‍රශ්න විසඳීමට අසමත් වී තිබෙනවා. බඩු මිල ඉහළ යාම, ණය බර, ගෑස් හිඟය, කිරිපිටි හිඟය, ගොවියා අසරණ වීම, පොහොර නොමැතිවීම ආදී ගැටලු ගණනාවකින් ජනතාව පීඩා විඳිනවා. මේ කිසිවක් විසඳීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලනය පහුගිය වසර දෙකක කාලය පුරාවටම පෙන්නුම් කර තිබෙන්නේ, තමන්ගේ අසාර්ථකත්වයයි. මේ තත්වය තුළ ජනතාවගෙන් නැගෙන විරෝධය යටපත් කරන්න විවිධ මර්දනකාරී ක්‍රියාමාර්ග ගන්න උත්සාහ කරනවා. මේ අතර රටේ අතිශය බහුතර ජනතාවක් ආණ්ඩුවට එරෙහිව ගම්දනව් සිසාරා පෙළගැහෙමින් තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පවා ආණ්ඩුවට එරෙහිව ඒ ඒ රටවල්වල සංවිධාන ගොඩනගමින් පෙළගැසෙමින් සිටිනවා. ආණ්ඩුවට විරෝධය දැක්වීම පමණක් නොව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම පිළිබඳ කතිකාවද සමාජය තුළ ඇති වී තිබෙනවා. වසර 74ක් පුරා එජාප, ශ්‍රීලනිප ප්‍රමුඛ ආණ්ඩු ජනතාවට දැන් පිළිකුල් වී තිබෙනවා. එනිසා ජනතාව තුළත් මේ පක්‍ෂ දෙක පරාජය කරලා නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න වුවමනාවක් ඇතිවී තිබෙනවා. ඒ ජනතා විශ්වාසය මත ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් ජනතාව අතර ඉතා වේගයෙන් ශක්තිමත් වෙමින් තිබෙනවා. අපි ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා පවත්වමින් ග්‍රාමීය නායකත්වයත් දිස්ත්‍රික් සමුළු පවත්වමින් දිස්ත්‍රික් නායකත්වයත් ගොඩනගමින් යනවා. ජනතාව අප වටා වේගයෙන් පෙළගැසෙමින් ඉන්නවා. තම පක්‍ෂවල සිටි පාක්‍ෂිකයන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වන බව බංකොළොත් පක්‍ෂවල නායකයන් දකිනවා. එයින් ඔවුන් වියරු වැටී ඇති බව අපට පෙනෙනවා. ඊයේ ගම්පහදී ඇතිවූ සිදුවීමෙන් පෙනෙන්නේ එම තත්වයයි.

ඊයේ (30) කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසළදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා. ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසළ කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා. මෙම පිරිස මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි. පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි. අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.

මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි. මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා. කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි. ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතියි. ඔහු ගෝටාබය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුව දෙදෙනා විසින් කරන ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන් කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව අප සමග ගැටෙන්නට එන ලෙසයි. මේ රට ගොඩනැගීම පිළිබඳව ඕනෑම ප්‍රතිපත්තිමය සංවාදයකට අපි සූදානම්. එසේ නැතුව මෙවැනි ආකාරයේ පහත් නින්දිත ක්‍රියාමාර්ගවලින් අප සමග හැප්පෙන්නට නොඑන ලෙස අවධාරණය කරනවා. මේ රටේ ජනතාව මෙවැනි ක්‍රියා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ගෝඨාභය මහත්තයෝ තමන්ගේ යාළුවාගේ නීතිවිරෝධී කණ්ඩායම් යොදවලා ජාතික ජන බලවේගයේ අපේ ගමන නවත්වන්න බැහැ. ඊට වඩා දේවල්වලින් අපිව නවත්වන්න හදපු අය හිටියා. ඒ කිසිවකින් අපි සැලුණේ නැහැ. ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් ගොඩනැගෙන ව්‍යාපාරයක්. එය මෙවැනි නින්දිත ප්‍රහාරවලින් නවත්වන්න බැහැ. මෙවැනි සිදුවීම්වලින් වෙන්නේ ආණ්ඩුව ජනතාව අතර තව තවත් අප්‍රසාදයට ලක්වීම පමණයි.

මෙය සැලසුම්සහගත සිදුවීමක්. ක්‍රියාත්මක කර තිබෙන්නේ එකම තැනකින්. ඒ පිළිබඳව සාක්ෂි අපි පොලීසියට ලබා දී තිබෙනවා. නිට්ටඹුව පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කොට තිබෙනවා. ඔවුන් අල්ලා ගැනීමට යාමේදී මහර අපේ සෙනරත් නම් සහෝදරයෙකුටත් තුවාල සිදුවී තිබෙනවා. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළ යුතු වෙනවා. අපි මේ රටේ දේශපාලන පක්ෂයක් විදිහට ජනතාවගේ ආශිර්වාදය මැදින් මේ ගමන යමින් සිටිනවා. මෙවැනි නින්දිත සිදුවීම්වලින් අපි, අපේ සාමාජිකයන්, අපේ ආධාරකරුවන් තව තවත් ධෛර්යමත් වෙනවා. ගෝඨාභය මහත්මයාට දේශපාලනය බින්දුවක් හරි තේරෙනවානම් මෙවැනි පහත් නීච ක්‍රියාවලින් සිදුවන දෙය තේරුම් ගත යුතුයි. මෙවැනි නින්දිත ක්‍රියා නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. ජාතික ජන බලවේගය ලෙස අපි ඉදිරියට යද්දී අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාට හෝ අපගේ ඕනෑම සහෝදරයෙකුගේ ජීවිතයට යම් අනතුරක් ඇති කළොත් ඊට වගකිව යුත්තේ මොවුන් බව මෙම සිදුවීම්වලින් ඉතාම පැහැදිලියි. මේ අවදානමත් අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

මෙම සිදුවීමට සම්බන්ධ සියලු වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි බල කර සිටිනවා. නිස්සංක සේනාධිපති යටතේ සිටින මෙවැනි අය නීච වැඩවල නිරතවනවානම් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. එසේ නැතුව මේ පොඩි මිනිසුන්ගේ සාක්ෂි වෙනස් කර ගැලවෙන්නට හදන්න එපා. මෙය කාගේ වුවමනාවට සිදුවු දෙයක්ද යන්න මුළු ලෝකයම දන්නවා. එක් පුද්ගලයෙක් ප්‍රසන්න රණතුංගගෙන් ඕනෑ දෙයක් කර ගත හැකි යැයි තමන්ට කී බව කියනවා. මේ සිද්ධිය පිටුපස දේශපාලනය ඉතාම පැහැදිලියි. දැන් වගකීම ඇත්තේ ජනාධිපතිවරයා අතයි. මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් ඉල්ලනවා. ආණ්ඩුව එසේ නොකරන්නේනම් මේ ආණ්ඩුව පලවා හැර එසේ කිරීමේ වගකීම ජනතාව බාරගනීවි.”

බියගුලු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.

SendShareShare
Previous Post

ජන්දයකින් දිනපු ජේ.ආර්.ගෙ මුනුපුරාට මන්ත්‍රී තාත්තයි දුවයි මිරිස් කුඩු සමග බිත්තර ප්‍රහාරයක් එල්ල කරයි!

Next Post

ඊළඟට එන සජබ ආණ්ඩුව මොන වගේ එකක්ද? මොනවද මිනිස්සුන්ට දෙන්නේ? සජිත් මිහින්තලේදී කියයි! (PHOTOS & VIDEO)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper