වැඩිම කාලයක් සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා සියලු කලාකරුවන් එකතු විය යුතු බව කලාශීල්පී අර්ජුන් කමලනාත් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ දැනට සිටින කලාකරුවන් පිළිබදව ඇත්ත වශයෙන්ම ලැජ්ජා වන බවකි.
ඉදිරියේදී රාමනායක මහතා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටිනු ඇති බව කී කමලනාත් මහතා ඉන්පසු ඒ මහතාට ජනාධිපති සමාවක් ලබා ගැනීම සදහා සියලු දෙනා එකතුවිය යුතු බව සදහන් කර සිටියේය.










