ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විදුහල්පති සමිති සන්ධානය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හේතුවෙන් බත්තරමුල්ලේ දැඩි රථවාහන තදබදයක් මතුව අවට මාර්ග සියල්ලම අවහිර වී තිබේ.
අනීතික විදුහල්පති බඳවා ගැනීම්වලට විරෝධය පළ කිරීම හා නව වැටුප් චක්‍ර ලේඛනයක් මගින් විදුහල්පති ශ්‍රේණි ධාරීන් සඳහා සිදුවන මූල්‍ය අසාධාරණය පෙන්වා දීම, විදුහල්පති සේවය බලහත්කාරයෙන් සංවෘත කිරීමට විරෝධය පල කිරීම, අමාත්‍ය අනුකමිටු වාර්තාව සඳහන් විදුහල්පතිවරුන් වෙනුවෙන් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම වර්ජනය සිදු කරති .-ලංකාදීප










