වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ.
පසුගිය සති කිහිපයේදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම මේ සදහා හේතු වී ඇත.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන මැතිඇමැතිවරුන් දැඩිව විවේචනය කළ අතර එක්කෝ ඔවුන් ඉවත්විය යුතු බවත්, එසේත් නැතිනම් තමන් ඔවුන් ඉවත් කරන බවත් කියා සිටියේය.










