මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
පසුගිය 29 වැනි දින බැසිල් රාජපක්ෂ මහතා ලොස් ඇන්ජලීස් නුවරින් පිටත්වූ බව අප මීට පෙර වාර්තා කළේ මෙසේය.
බැසිල් අද රෑ අමෙරිකාවෙන් පිටත් වෙයි! ආ හැටියෙ කරන්න යන වැඩේ මෙන්න!
කෙටි නිවාඩුවක් සදහා අමෙරිකාව බලා ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (29) රාත්‍රියේ යළි අමෙරිකාවෙන් පිටත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව ලොස් ඇන්ජලීස් නුවරින් පිටත් වන ඒ මහතා හෙට දිනයේදී ඩුබායි හරහා යළි ලංකාවට පැමිණීමට නියමිතය.
ලංකාවට පැමිණි විගස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට මැදිහත් වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලංකාවට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ සාකච්ජාවක් කැදවා ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ වනවිට අනාවරණය වී ඇත්තේ ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත්තේ ජනවාරි 31 වැනි දිනය යොදා බව වාර්තා වේ.
මාධ්‍ය විසින් ජයසුන්දර මහතා ඉල්ලා අස්වී ඇති බව සහ ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා වශයෙන් පත් කර ඇති බව කියවුණත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් නිල ප්‍රකාශයක් නිකුත් වී නැත.










