කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු ඇතිවූ ආර්ථික තත්ත්වය හේතුකොටගෙන රටපුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේදී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි ස්වර්ණාභරණ වෙළඳාම්හි යෙදෙන ව්‍යාපාරිකයෝ සහ බැංකු ප්‍රධානීහු පැවැසූහ.
ජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙන්නේ ස්වර්ණාභරණ උකස් කිරීමට හා විකිණීමට බව පවසන එම ව්‍යාපාරිකයෝ මේ තත්වය නිසා තමන්ගේ ආදායම සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයිද ප්‍රකාශ කළහ.
බැංකුවල ආරක්ෂිත සේප්පු වල තැන්පත් කර තිබූ ස්වර්ණාභරණ ජනතාව විශාල වශයෙන් යළි රැගෙන යෑමටද පෙළඹී සිටින බව බැංකු කීපයක නිලධාරීහු අප සමග පැවසූහ.










