රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී විදෙස් තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ යන අයට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ නීතිමය ගැටලුවක් මතුව ඇති බව වාර්තා වේ.
ඒ පිළීබද අදහස් දක්වන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ පවතින නීති රීති උල්ලංඝනය කරමින් මෙම ඝාතකයාට ජනපති සමාව ලබා දී ඇති බවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පවා මෙම සිදුවීම නීති විරෝධී බවත්ය.
මෙම තත්ත්වය මත මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයාගෙන් මෙම සමාව දීම අත්හිටුවන ලෙස ඉල්ලා සිටීමටද නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










