හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අද දින කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවට යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍රද සිල්වා මහතාද සහභාගී වී සිටිනු දැක ගත හැකි විය.
එමෙන්ම ඊට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද එක්ව සිටිනු දැකගත හැකි විය.
කෙසේවෙතත් මෙහිදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මාධ්‍යයට අදහස් පළ කළද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යයට පිළිතුරු නොදී පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.










