කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව උදය ගම්මන්පිල , විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අද සිය විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.
මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම්වලට පක්ෂව විරෝධතා ඉදිරිපත් කර සිටිති.
නීතීඥ නිලන්ති විජේසිංහ මෙනවිය විසින් ගොනු කළ මෙම විරෝධතා පිටු 58 කින් යුක්තය.










