• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදන්නේ මැර බලයෙන් මන්ත්‍රීවරුන් මර්දනය කරන්න! අද ඉන්නේ රිමෝට් කොන්ට්‍රෝල් කතානායකවරයෙක්! පාර්ලිමේන්තුවේ දාමරිකත්වය ගැන සජබය රටම දැනුවත් කරයි! (VIDEO)

December 4, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුව හදන්නේ මැර බලයෙන් මන්ත්‍රීවරුන් මර්දනය කරන්න! අද ඉන්නේ රිමෝට් කොන්ට්‍රෝල් කතානායකවරයෙක්! පාර්ලිමේන්තුවේ දාමරිකත්වය ගැන සජබය රටම දැනුවත් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මැර බලයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්දනය කිරීමට උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

අද විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මන්ත්‍රීවරයා මේ බව කීය.

එම සාකච්ජාවට ජේ.සී. අලවතුවල, නලින් බණ්ඩාර, රෝහිණී කවිරත්න සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා.

ජනතාව විසින් තමන්ගේ නියෝජිතයන් තෝරා පත් කර එවන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න අද පාර්ලිමේන්තුවේ ඇති වෙලා තියෙන අලුත්ම තත්ත්වය තමයි පාර්ලිමේන්තුවේ ජනතාවගේ හඬ මන්ත්‍රීවරු ඉදිරිපත් කරද්දි මැර බලයෙන් මන්ත්‍රීවරුන් මර්දනය කරන්න කටයුතු කරන එක.

කාරක සභා අවස්ථාවේ විපක්ෂයේ විවාදයේ යෙදී වැඩි කාලයක් දෙන්නේ විපක්ෂයට මේ දවස් ටිකේ අයවැය විවාධ තියෙනවා .ඊයේ තිබුණේ රටේ ආරක්ෂක අංශයත් ස්වදේශ කටයුතු භාර විෂය කතාව කරන්න ආරක්ෂක අංශය දවසේ විවාදයට සම්බන්ධ වෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාවට විශාල බාධාවක් ,තර්ජනයක් ඇති වුණා. මැරකම් පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කරා කථානායකතුමා ගෙන් අපි ඉල්ලා සිටිනවා අපේ කාලසීමාව ලබාදෙන්න සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි කාලය දීර්ඝ කර ගන්න ඕන විපක්ෂයත් ආණ්ඩු පක්ෂය එකඟත්වය මත.නමුත් එතනදී කතා කරේ මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කතාවක් අවසන් කරන තුරු බලපෑම් කරන්නෙත් නෑ නවත්තන්නෙත් නෑ ඊයේ මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා කතාව කරගෙන යද්දි අවසන් කරන්න පෙර එතුමාගේ මයික් එක off කරා .මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා කතානායක ළඟට ගියා ගිහින් එතුමා සමඟ සාකච්ඡා කරන කොට කතානායකතුමා ලෑස්ති වුණා එතුමට කාලය දෙන්න නමුත් කථානායකතුමාට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් නියෝගයක් දුන්නා කතානායකතුමාට කතාව දෙන්න එපා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයටයි. මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා ගිහිල්ලා කතානායක තුමත් එක්ක සාකච්ඡා කරන කොට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා කථානායකතුමාගේ පුටුවටත් පිටිපස්සෙන් විරුද්ධ පක්ෂයට ඇවිල්ලා මනූෂ නානායක්කාර මන්ත්‍රීතුමාට තර්ජනය කරලා පහර දෙන්න ගියා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ නීතිය විනාශ කරමින් වා කඩකරලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා විරුද්ධ පක්ෂයට ආවා කවදාවත් වෙන්නෙ නැති දෙයක් එසේ ඇවිත් අපේ මන්ත්‍රී වරුන්ට තර්ජනය කරලා පහර දෙන්නේ ගියා මේක තමයි අද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අපට තියෙන භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන තත්වයට පත්කරලා.

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය මූලික අංගය තමයි කතා කිරීමේ නිදහස ආණ්ඩුව ගැන විවේචනය කරන්නේ වැරදි කියද්දී ජනතාවගේ අදහස් ප්‍රකාශ කරද්දි මැර බලයෙන් අපිව මර්දනය කරන්න කටයුතු කරනවා එහිදී අපට මතක් වෙන්නේ කරු ජයසූරිය මැතිතුමාගේ කතානායක කාලයේ එතුමට පුටුවකින් පහර දුන්නා මේවා නැවත මතක් කරන්න ඕන මිරිස් දියර වලින් මිරිස් කුඩු වලින් පහර දුන්නා නැවත වරක් ඒ ත්‍රස්තවාදය ඇවිත් තියෙනවා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අද කියනවා 225ම එපා කියලා එහෙම වෙන්නේ මෙවැනි ක්‍රියාදාමයන් නිසා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු විදියටත් අපි දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විදියටත් ‍ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා අපි ගහගන්න නෙමෙයි පාර්ලිමේන්තුවට එන්නේ නූගත් මිනිස්සු තනතුරුවලට පත් වුනාම ගහගන්න පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. තව පොඩ්ඩෙන් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා තල්ලු කරපු විදියට එතුමට විශාල හානියක් පිටිපස්සෙ ඉඳන් අපේ මන්ත්‍රීවරු අල්ලගත්තෙ නැතිනම් සිදු වෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා කතානායකවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරන්න. අපි බලනවා ඒකට දෙන පිළිතුර මොකක්ද කියලා එහෙම වුනොත් අපට සිද්ධ වෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානයට සම්බන්ධව වාර්තා කරන්න පැමිණිලි කරන්න . අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය සති දෙකකට කලින් පාර්ලිමේන්තුවේ කතා කරද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කාන්තාවකට කරන්න පුළුවන් උපරිම විදියට අපහාසය කරලා සභාවට උචිත නොවන වචන ප්‍රකාශ කරල කාන්තා හිංසනය පිළිබඳ සතියේදී මේ කාන්තා මන්ත්‍රීතුමියට අපහාස, උපහාස කරා. නරක වචනයෙන් බැණ වැදුනා මේ සම්බන්ධව අපි කතානායක වරයාට පැමිණිලි කරා කිසිම උත්තරයක් සාධාරණ පිළිතුරක් ලැබුණේ නැහැ. මේ රටේ එක රටක් එක නීතියක් විදියට ඇවිල්ලා අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ එක රටයි එක නීතියයි සංකල්පය වෙනුවට විපක්ෂයට එක නීතියක් ආණ්ඩු පක්ෂයට තව නීතියක් වෙලා. ජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ පාර්ලිමේන්තුව. කරුණාකරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරන්න අපිට ඕන මේ පාර්ලිමේන්තුවට වැදගත් විදිහට කතා කරන පිරිසක් ඉන්න අපි දන්නවා අතීතය ගත්තම වාද විවාද ගිහින් තියෙනවා විහිළුතහළු ගිහින් තියෙනවා උපහාසාත්මක කතා ගිහින් තියෙනවා එහෙම තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය නමුත් ගහගන්න මිරිස්කුඩු වලින් පුටුවලින් ගහන්න මන්ත්‍රීවරුන්ට ගහන සම්ප්‍රදායක් නැහැ. අපි කියන්නේ අද ආණ්ඩුව වැටෙනකොට ආණ්ඩුව ජනතාවගේ විවේචන එල්ල වෙනකොට අද මැර බලයෙන් විපක්ෂය මර්දනය කරන්න මේ අය කටයුතු කරනවා අපි විපක්ෂය විදිහට ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

කතානායකවරයාට අපි කියනවා මේ සම්බන්ධව සාධාරණ තීන්දුවක් ගන්න සාධාරණ පරීක්ෂණයක් කරන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායකතුමා එක්ක ගිහිල්ලා සාකච්ඡා කරන්න යමක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ දී අද උදේ ඇහුවා අපේ මන්ත්‍රීවරු ඔබතුමාට තර්ජනය කරා ද කියලා . එතුමා නැහැ කිව්වා මේ කතා හදනවා දිනේෂ් ගුණවර්ධන මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තමන්ට තියෙන අසාධාරණයක් සම්බන්ධව කියන්න තියෙන එකම තැන තමයි කතානායක ඒකයි.මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා ගිහිල්ලා කිව්වේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා මොකක්ද ආණ්ඩු පක්ෂයේ කථානායක තුමාගේ පුටුවටත් උඩින් මෙහා පැත්තට ඇවිල්ලා විපක්ෂයට ඇවිල්ලා පහර දෙන්න ගියා අපි දන්නවා මේවා අද ඊයේ නෙමෙයි එදා පුටුවකින් කතානායකට පහර දුන්නා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. කරු ජයසූරිය මහත්තයාට පුටුවකින් පහර දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.

ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවුණු සිදුවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කරමින් විපක්ෂයේ අයිතීන් උල්ලංඝනය වීම් විදියට තමයි අපි දකින්නේ. පාර්ලිමේන්තුවේ දවසේ වැඩ කටයුතු අවසන් වන තෙක් කල් ඉල්ලපුවම කතානායක වරයෙක් කටයුතු කරන ආකාරයට නෙමෙයි ඊයේ කතානායක කටයුතු කළේ ඒ තැන දී ඔහුට සිද්ධ වුණේ වෙන මොකුත් නෙමෙයි ඔහුට සිද්ධ වුණා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නියෝගයට අවනත වෙන්න ඊයේ කතානායක වරයා බවට පත්කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා එතුමා කිව්වා අපි පහෙන් පස්සේ සරත් වීරසේකර මහතාගේ කතාවෙන් පස්සේ වැඩ කටයුතු අවසන් කරනවා කියලා සභාවක් පහෙන් පස්සේ කල් දැන්මා එතුමාට එහෙම තීන්දු තීරණ ගන්න බැහැ ඒ නිසා කතානායකවරයා ඊයේ කටයුතු කෙරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නියෝගවලට ඒ නිසා අපි පාර්ලිමේන්තුව අද කතානායකවරයා remote control එකකින් පාලනය වෙන කතානායක වරයෙක් බවට පත්වෙලා.

පාර්ලිමේන්තුව ඇතුළේ අපේ මන්ත්‍රීවරුන්ට ඒ අයට ගහන්න පුළුවන් හොඳට මතක තියාගන්න ඒගොල්ලොන්ට ගමට යන්න බැහැ පාර්ලිමේන්තුව ඇතුලේ බලය තිබුනද අද ගමට ගිහිල්ලා ජනතාව ඉස්සරහ ජනතාවට මුහුණ දෙන්න බැහැ ජනතාව ගහනවා ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා පාර්ලිමේන්තුව ඇතුළත ක්‍රියාත්මක වන ඒකාධිපති වියරුව ගමට ගියාම උත්තර දෙන්න කටයුතු කරන්න.

විශේෂයෙන්ම කතානායකතුමාට අපි ඉතාම අවධානයෙන් කියනවා ස්වාධීන කතා නායකයෙක් වෙන්න මධ්‍යස්ථ කතානායක වරයෙක් වෙන්න ආණ්ඩුවටත් විපක්ෂයටත් එක විදියට සලකන්න ඔබතුමාගේ ගෞරවය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට කෙළෙසන්න ඉඩ දෙන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුව ඇතිවූ සිද්ධිය ඉතාමත් අශෝභන සිද්ධියක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ආණ්ඩු පක්ෂය විපක්ෂය අය-වැය විවාදයේ දී කාරක සභා අවස්ථාවේදී විපක්ෂයේ තමයි ප්‍රධාන අවස්ථාව වෙන්නේ අද මේ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් කරාම ආණ්ඩු පක්ෂයට සිද්ධ එයට උත්තර දෙන්න බැරි හින්දා තර්ජනය කරන්න විපක්ෂය පැත්තට ඇවිල්ලා රණ්ඩු කරන තත්වයට පත්වෙලා අපි දැක්කා මේ තත්ත්වය දින 52ක ආණ්ඩු කාලය දී කරු ජයසූරිය මහත්මයා පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේදී හැසුරුණු ආකාරය හොඳින් දැක්කා තමන් බල වියරුවෙන් එදා මිරිස්කුඩු ගහමින් පුටු කඩමින් එදා හැසිරුන කණ්ඩායම තමයි ඊයේ දිනයේත් අශෝභන ආකාරයෙන් හැසිරුණේ ආණ්ඩුවට අපි කියනවා මේ විදිහට විපක්ෂයකට තර්ජනය කරල විපක්ෂය බිය වද්දන්න හදනවා නම් ඒ වැරදීමක් අද මේ අයට ගමට යන්න බැරි තත්වෙට පත් වෙලා පාර්ලිමේන්තුව තුළ අද ලෑස්ති වෙනවා විපක්ෂය මර්දනය කරන්න ඒ වෙනුවෙන් අද කතා කරලා විවාද කරලා මේක බේරගන්න බැරි බව දන්න නිසා තමයි ඊයේ දිනයේ එය ආරම්භ කළේ පැහැදිලිවම අපි කියනවා විපක්ෂයක් විදිහට සමගි ජන බලවේගය ආණ්ඩුවේ තර්ජන ගර්ජන වලට බය නැහැ කතානායක තුමාටත් කියනවා ඔබතුමා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කතානායක ඒ නිසා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරුන්ට ඕන විදිහට මේ පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ගන්න එපා ඔබතුමා සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සියලුම දෙනාට සාධාරණව කටයුතු කරන කතානායක බවට පත්වෙන්න. එදා ආදර්ශයක් දුන්නා කරු ජයසුරිය මැතිතුමා දින පනස් දෙකේ දී නොයෙකුත් බාධක ආවත් නිර්භීතව ඉඳගෙන සාධාරණ කථානායකවරයා විදියට කටයුතු කරා ඒ නිසා පැහැදිලිව කියනවා මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනතාව නොයෙකුත් වෙලාවල් වලට අපි දකිනවා විශාල විවේචනයට ලක් වෙලා.

අපි කියනවා මේ රටේ ජනතාවට 225ම ගැන කතා කරාට 225ම නෙමෙයි මේ ක්‍රියාවලියෙදී ඉන්නේ මේ කණ්ඩායම ආන්ඩුවේ ඉන්න සුළු පිරිසක් සංවිධායකවරයා එක්ක එකතු වෙලා මේ කරන ක්‍රියාවලිය අපි හෙලාදකින විතරක් නෙමෙයි මේ ඉදිරියට කතානායකතුමා මෙවැනි අසරණ සිද්ධියක් පාර්ලිමේන්තුව තුළ ඇති නොවීමට වග බලා ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මැතිණිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ රන් දේවාලය කියන්නේ පාර්ලිමේන්තුවට නමුත් අද පාර්ලිමේන්තුවේ කැලෑ නීතිය රජ කරන තැනක් බවට පත්වෙලා ශක්තිවන්තයා විසින් දුර්වලයාව පාගල දාන බහුතරය විසින් සුළුතරය පාගලා දාන ත්වයකට පාර්ලිමේන්තුව පත්වෙලා.
ඇඟේ හයියෙන් පාර්ලිමේන්තුව කරන තත්ත්වයට අද ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඊයේ බලපෑමට ලක් වුණේ ප්‍රහාරයට ලක් වුණේ මර්දනයට ලක් වුණේ මේ රටේ විපක්ෂය ආණ්ඩුවට විරුද්ධ වෙච්ච කණ්ඩායම නියෝජනය කරන මහජන නියෝජිත යවරයෙක් එතකොට මේ පාර්ලිමේන්තුවේ කථානායක තුමා ඇතුළු සියලු දෙනාට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ආරක්ෂාව ආරක්ෂා කරල දෙන්න බැරි තත්වයකට අද පත්වෙලා . එහෙම වෙනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා අපේ ගම්වල ඉන්න ආණ්ඩුවට විරුද්ධ ජනතාවට ආණ්ඩුවේ මතය පිළිනොගන්නා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අපට ලොකු ගැටලුවක් තියෙන බව මේකෙන් පේනවා.

ඇත්තටම කියන්න කණගාටුයි පාර්ලිමේන්තුව ඇතුලේ කතානායකතුමාගේ හැසිරීම ජේෂ්ඨ දේශපාලඥයෙක් හැටියට එතුමාට ගරු කරත් එතුමා කතානායකවරයා හැටියට හැසිරෙන ආකාරය පිළිබඳව අපිට එතුමාව පිළිගන්න බැරි තත්ත්වයක් තියෙනවා .දිගින් දිගටම සිද්ධ වෙන දේවල් බැලුවම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ කාලය පිළිබඳ ගැටලුවේදී ඒ අයගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවේදී වරප්‍රසාද පිළිබඳ ගැටලූ කථානායකතුමා හැසිරෙන්නේ තවත් කෙනෙකුගේ නූලක නැටවෙන කෙනෙක් හැටියට එහෙම වෙලා කොහොමද පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න පාර්ලිමේන්තුවේ විනය රැක ගන්නේ කොහොමද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයක් අපි තුළ ඇතිවෙලා .හොඳම උදාහරණය ඊයේ සිදුවීම ඊට කලින් මම සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අතර ඇතිවෙච්ච ප්‍රශ්නයේදී එතුමා කතානායකතුමාගේ තීන්දුව පිළිගන් නැත්තේ ඇයි කියලා ඒ ප්‍රශ්නයම ආපහු අහන්න ඕන කතානායකතුමා මගේ වරප්‍රසාදය උල්ලංඝනය වීම වෙලාවේ තිස්සආරච්චි මන්ත්‍රීවරයාට ලබාදුන් තීන්දුව සමාව ගන්න කියලා . ප්‍රසිද්ධියේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා කියනවා මම සමාව ගන්නේ නෑ කියලා එතකොට ඒ සිද්ධිය සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය මොකක්ද එක රටක් එක නීතියක් කියන එක රටට යන්න කලින් පාර්ලිමේන්තුව ඇතුළේ ක්‍රියාත්මක කරලා පෙන්නන්න කියලා කතානායකතුමාට ගෞරවයෙන් කියනවා.

කතානායකතුමා ගෙන් ඉල්ලා සිටින්න ඕන ඔය පුටුවේ ගෞරවය රකින එකත් එතුමගේ ලොකු වගකීමක් සහ රාජකාරියක් වෙනවා මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ අපි හැමෝටම එළියට බැහැලා යන්න බැරි තත්ත්වයක් අද උදාවෙලා තියෙනවා 225ට බනිනවා ඒ සියලු දෙනාගේ ගෞරවය රැකීම ආරක්ෂා කිරීම තානායකතුමාට හිමි දේවල් එතුමගේ රාජකාරිය අපි පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් එතුමා මේ කාර්යය හරියට කරොත් මම හිතනවා එතුමා ඉතිහාසගත වෙනවා පාර්ලිමේන්තුවේ විනය මේ වගේ වැරදි මිනිස්සුන්ට බලය ගිය වෙලාවක විනය හරියට පවත්වාගෙන ගියා කියලා එතුමා ඉතිහාසගත වෙනවා කතානායකතුමාගේ බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හඬ මර්දනය කරන්න එතුමාව පාවිච්චි කරන එකට එතුමා ඉස්සෙල්ලා විරුද්ධ වෙන්නෙ කියන එක එතුමාව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා .ඒ වගේම අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න මේ රටේ ජනතාවගේ ගැටළු ඒ සඳහා ඒකට අවස්ථාව විධිමත්ව ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා.

විශේෂයෙන්ම අද මේ රටේ මර්දනය ගැන කතා කළ යුතුයි ආණ්ඩුවේ තියෙන මැරකම ගැන කතා කළ යුතුයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටට පත් වෙද්දි කිව්වේ විනයගරුක රටක් හදනවා කියලා ඒ වගේම එතුමා කිව්වා එක රටක් එක නීතියක් කියලා දැන් ඔබතුමාල දන්නවා ආණ්ඩුව ගැන ආණ්ඩුව කරන දේවල් ගැන විවේචනය කරලා යම් කිසි විදියකින් එළියෙ කතා කළොත් ඒ අයව පහුවෙනිදා සීඅයිඩී එකට ගෙනියනවා දැන් පාර්ලිමේන්තුව ඇතුළෙ කතා කරපුවම පාර්ලිමේන්තුව රස්තියාදුකාරයන්ගේ මැරයන්ගේ මිනීමරුවන්ගේ දේශයක් වෙලා. දැන් ඇවිල්ලා තර්ජනය කරනවා ඒව කතා කරන්න එපා පාර්ලිමේන්තුවක් කියනවා ඒ කියන්නේ අපිට එළිය කතා කරන්න බෑ ඇතුලෙ කතා කරන්න බෑ ඒ අය අද පාර්ලිමේන්තුවට අපිට යන්න වෙලා තියෙන්නේ අද මරණයකට ගොදුරු වෙන්න යනවා වගේ යන්න වෙලා තියෙන්නේ .එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුව ඇතුළෙ තියෙනවා. මේ මැරකම්, භීෂණය අපි කියනවා ජනතාවට තමුන්නාන්සේලාට හෙට දවසේ ගේ ඉස්සරහ ඉඳීවි කුඩුකාරයෙක් ගංජා කාරයෙක් මිනීමරුවෙක් තුවක්කුවත් තියාගෙන තමුන්නාන්සේලා පාලනය කරන්න අන්න එතනට යන්නේ .මොකද රටේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බැරුව කන්න ටික මිනිස්සුන්ට දෙන්න බැරුව අඳින්න දෙන්න බැරුව බෙහෙත් ටික දෙන්න බැරුව ගෑස් ටික දෙන්න බැරුව අධ්‍යාපනය දෙන්න බැරුව රටේ පාලකයෝ අසමත් වෙන කොට තමයි මේ මැරකම ආයුධය අතර ගන්නේ ඒ නිසා එතනට රට වැටිල පාලකයොත් එතැනට ඇවිල්ලා ජනතාවට කියන හැට නම ලක්ෂ තමුන්නාන්සේලා කරපු දේ ප්‍රතිඵල අද මේ රටේ සමස්තයක් හැටියට සියලු දෙනාම බුක්ති වෙනවා රටට ඉදිරි කාලයේ දෙයියන්ගේම පිහිටයි.

SendShareShare
Previous Post

කතානායකට ගහන්න ආවා! මනූෂට උපරිම විනය ක්‍රියාමාර්ග ඉල්ලා කතානායකට පසුපෙළ 38කගෙන් ලියුමක්!

Next Post

යාපනේ වෙරළට අබිරහස් ලෙස මළසිරුරු ගොඩගසයි! දවස් 5ට 5යි!

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.