දාමරිකයන්ගෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර දෙන තෙක් පාර්ලිමේන්තු විවාදය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇත.
අද දහවල් මනූෂ නානායක්කාර මහතා හා කංචන විජේසේකර මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මනූෂ නානායක්කාර මහතාට පහර දීමට උත්සාහ කිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
එහිදී පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂයේ මන්ත්‍රී දොරටුව අසලට පැමිණ මන්ත්‍රීවරයෙකුට පහර දීමට උත්සාහ කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව මනූෂ නානායක්කාර මහතා කතානායක දොරටුවෙන් පිටව යාමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව සමගි ජන බලවේගයේ් මන්ත්‍රී කණ්ඩායම වහාම රැස්වීමක් පවත්වා තීන්දු කොට ඇත්තේ දාමරිකයන්ගෙන් සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් අයවැය විවාදය වර්ජනය කිරීමටය.
එමෙන්ම තවත් තීන්දු රැසක් ගෙන ඇති සජබ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළට ඒරෙහිව දැඩි ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද පියවර ගෙන ඇති බව වාර්ත වේ.










