යුගදනවි විදුලි බලාගාර අමෙරිකානු සමාගමකට පවරන ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් නොව ජනාධිපතිවරයා විසින් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කොට ඇත.
මීට පෙර විපක්ෂය චෝදනා කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බවකි.
කෙසේවෙතත් අවසන් වරට පැවැති පක්ෂ නායක රැස්වීමේදීද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කොට තිබුණේ තමන්ද තවමත් ගිවිසුම දැක නැති බවකි.










