අද වන විට සියලුම ජනතාව විශාල පීඩනයකින් සිටින බවත්, ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි ඇති විරෝධය ලබන 16 වැනිදා රටටම පෙන්වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ සදහා සියලුම ජනතාවට ආරාධනා කර සිටින බවද මරික්කාර් මහතා කියා සිටියේය.
අද ජනාධිපතිවරයා කලින් ආණ්ඩු ගත් ණය තමන්ට ගෙවීමට සිදුව ඇති බව කීවද ඒ සියලු ණය ගෙන ඇත්තේ සතපහකට වැඩක් නැති ව්‍යාපෘති සිදු කළ ජනාධිපතිවරයාගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් ඒ මහතා කීය.










