බඩු මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් අද ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත්, තෙල් මිලත් මේ වනවිට ඉහළ දමා ඇති බවත් බඩු මිල අඩු කරන බව කී ආණ්ඩුවේ ‘මොළ හත’ කෝ යනුවෙනුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ අයුරින් බඩු මිල ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්, ගුරුවරුන් ඇතුළු සියලුම ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි.
මේ ආණ්ඩුව වැඩ කරන එකක් නොව වැඩි කරන එකක් බවද ඒ මහතා කීය.










