• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොහාන් ගැන ‌ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්! නොතීසිත් නිකුත් කරයි! සුමන්තිරන්ගෙන් චෝදනා වැළක්!

October 21, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ලොහාන් රහස් ගමනක් ගිහින් (PHOTO)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටි LTTE සිරකරුවන්ට ගිනිඅවි පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අමාත්‍යවරයාගේ තර්ජනයට ලක්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 8 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර ඇත.

එම පෙත්සම අද (21) ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.

එමෙන්ම පෙත්සම්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ව අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත්කොට වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියමකර ඇත.

එම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඒවා ගොනුකිරීමට පියවරගන්නා ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නොතිසි ද නිකුත් කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බන්ධනාගාර නීති රෙගුලාසිවලට අනුව බන්ධනාගාර නිලධාරියෙකුට පවා ගිනිඅවි සහිතව බන්ධනාගාරය තුළට ඇතුළුවීම තහනම් බව පෙන්වා දුනි.

එසේ ගිනිඅවි බන්ධනාගාරය තුළට රැගෙන යාමට නම් ඒ සඳහා නිසි නීතිමය පටිපාටිය අනුගමනය කළ යුතු බව සුමන්තිරන් මහතා සඳහන් කර ඇත.

එවැනි නීතිමය පසුබිමක් තිබියදී බන්ධනාගාර විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ මහතා සිය ගිනිඅවිය ද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළුවී එහි සිටි පෙත්සම්කාර රැඳවියන්ට තර්ජනයකිරීම බරපතළ වරදක් බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිරකරුවන්ගේ ඥාතීන් වෙත තමා කනගාටුව පළ කරන බව වගඋත්තරකාර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ බවත් සුමන්තිරන් මහතා සිහිපත් කර ඇත.

ඒ අනුව, තම සේවාදායකයින්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවී තිබෙන හෙයින් ඔවුන් අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉවත් කොට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඕනෑම බන්ධනාගාරයක රඳවාතබන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් අතරෙන් දෙදෙනෙකු කොළඹ  බන්ධනාගාරය වෙත මාරුවී යාමට කැමැත්ත පළකර ඇති බව සඳහන් කර ඇත.

කෙසේවෙතත් ආරක්ෂක හේතූන් මත එම සැකකරුවන් යාපනය බන්ධනාගාරය වෙත මාරු නොකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවත් එම සැකකරුවන් වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ශ්‍රේෂ්ඨාධිකරණය රැඳවියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් එය පෙබරවාරි මස 15 වනදා යළි කැඳවීමට ද නියෝග කළේය.

SendShareShare
Previous Post

ලංකාවට ණය ගෙවාගන්න බෑ! Fitch අලුත්ම වාර්තාවෙන් කියයි!

Next Post

රටට අලුත් ව්‍යවස්ථාවක් හදන්නේ ජනාධිපතිගේ නඩුවලට පෙනී හිටපු පෞද්ගලික නීතීඥවරුන්! මේක මහ විහිළුවක්! තනිව වැඩ කරලා ජනාධිපති අමාරුවේ වැටිලා!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.