• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජයක සිටිය යුත්තේ එක නායකයයි! ජනාධිපති ගෙදර යන්න ලෑස්තියි! ජනාධිපති ලේකම් පී.බී. කියයි!

October 20, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රජයක සිටිය යුත්තේ එක නායකයයි! ජනාධිපති ගෙදර යන්න ලෑස්තියි! ජනාධිපති ලේකම් පී.බී. කියයි!
Share on WhatsAppShare on Facebook

රටට, ජනතාවට වැරැදි දේ කර අවුරුදු පහක් බලයේ සිටිනවාට වඩා හරි දේ කර හෙට ගෙදර යෑම උසස් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවසීය.

ජයසුන්දර මහතා එසේ ප්‍රකාශ ‍කළේ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කර්තෘවරුන් වෙනුවෙන් පැවති හමුවකදීය.

මේ හමුවේදී තවදුරටත් කථා කළ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු දෑ ක්‍රියාවේ යෙදවීමට තිබියදී පැමිණි කොවිඩ් 19 වසංගතය හමුවේ බොහෝ එල්ලයන්, ඉලක්කයන් වෙනස් වූ බව සඳහන් කළ ලේකම්වරයා ජනතාව වෙනුවෙන් කළ යුතු වූ හදිසි කාර්යභාරය වූයේ රටේ ජනතාව එන්නත්කරණයට ලක් කිරීමයි. එය හදිසි කාර්යභාරයක්. කොවිඩ් 19 මුල් රැල්ල අපිට අලුත් අත්දැකීම් එක් කළ අවස්ථාවක් වූ අතර, ඉන් පසුව පැමිණි 2 වැනි රැල්ල තුළ මේ රටේ ආර්ථිකය ඇතුළු සියලු අංශ බලවත් කඩා වැටීමකට ලක් වූ බව කීය. කොවිඩ් රැල්ල ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමටත් පෙර ‘කොවිඩ් කාර්ය සාධක බළකායක්’ පිහිටුවා එයට සූදානම් වූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එයට සාර්ථකව මුහුණ දුන් අයුරින් අනතුරුව පැමිණි කොවිඩ් රැලිවලට මුහුණ දීමේදී විවිධ බාධක, දුෂ්කරතා අපමණවත් පැන නැඟුණ බවත්, රටේ ආර්ථිකයට වැදුණු මරු පහරත් සමඟ ඉදිරියට යෑමට අලුත් උපක්‍රම, ක්‍රමවේද සොයා ගත යුතු වූ බවද ලේකම්වරයා පැවසීය.

විවිධ අඩුපාඩු, විවිධ දුෂ්කරතා මැද වුවත් ජනතාව මේ වසංගතයෙන් බේරා ගැනීමට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා නිවැරැදි දැක්මක් අනුව කටයුතු කළ නිසා අද ලෝකයේ එන්නත්කරණයේ හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවට ඒමට හැකි වීම අප රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බව පී. බී. ජයසුන්දර මහතා පැවසීය. ඒ සඳහා ආණ්ඩුවක් ලෙස අප එන්නත්කරණයට ඩොලර් මිලියන 650කට වැඩි මුදලක් වැය කර ඇතැයි කීය. කොරෝනා වසංගතයෙන් වැටුණු රට ගොඩනැඟීමට අප අලුත් ක්‍රමවේද, උපක්‍රම සොයා ඒ ඔස්සේ රට ගමන් කර විය යුතු බවද, ඒ සඳහා කථාව අඩු කර ක්‍රියාවන් වැඩි කළ යුතු බව කී ලේකම්වරයා රටක මතයක් ප්‍රකාශ කළ යුත්තේ එක් නායකයෙක් පමණක් බවද සිහිපත් කළේය. ලෝකයේ ඕනෑම රටක ආණ්ඩුවේ මතය එක මතයක් විය යුතු බව කී ලේකම්වරයා, එය ප්‍රකාශ කරන්නේ එක් පුද්ගලයකු පමණක් වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු කථා කරන නමුත් අඩුවෙන්ම කථා කරන්නේ ජනාධිපතිවරයා බව කී ඒ මහතා, ජනාධිපතිවරයා වැඩියෙන් කථා නොකළාට වැඩියෙන්ම වැඩ කරන බවද, එතුමා එතුමාගේ ඉලක්කයට අවශ්‍ය වෙලාවට ගමන් කරන බවද ලේකම්වරයා පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ තුළ විශේෂයෙන් රටේ බලශක්ති ප්‍රභවයන් පුනර්ජනනීය බලශක්ති ඔස්සේ වැඩි කළ යුතු බව කී පී. බී. ජයසුන්දර මහතා එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක නොකළොත් තෙල් මත යැපෙන රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට ගමනක් යා හැකිද යන්න ප්‍රශ්න කළේය. ගෙන්වනු ලබන තෙල්වලින් 30%ක් විදුලිය නිපදවීමට වැය කිරීමත්, ඉතිරි 70% වාහන ධාවනයට යෙදවීමත් මත අපට හෙටක් ගැන සිතිය හැකිද යන්න ප්‍රශ්න කළේය. එම නිසා ඉතා ඉක්මනින් අප පුනර්ජනනීය බලශක්තිවලට යොමුවිය යුතු බවද, මුළු අවුරුද්දේ දින 365ම අව්ව වැටෙන රටක් ලෙස අප ඉක්මන් තීරණයක් ගත යුතු බව කීය. කාබනික පොහොර පිළිබඳ සභාවෙන් නැඟුණ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා, ශ්‍රී ලංකාව කාබනික පොහොරවලින් ස්වයංපෝෂිත රටක් කිරීම ජනාධිපතිවරයාගේ එකම අරමුණ බව කී අතර, ඒ යහපත් අරමුණ කරා යෑමේදී විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන් කළේය.

මේ අවස්ථාවට රජයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මිලින්ද රාජපක්ෂ මහතාද සහභාගි විය.

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ මෙම මාධ්‍ය වාර්තාවට අනුව අදාළ හමුවට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා හෝ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා හෝ සහභාගී නොවී සිටීමය.

SendShareShare
Previous Post

සියක් නමක් සමග නාමල් කුෂිනගර් යයි! (VIDEO)

Next Post

ගෝඨා මුන්ව ගණන් ගන්නේ නෑ! මුන්ටත් ලැජ්ජා නෑ! ගහන්න ගහන්න නැට්ට ගහගෙන ඉන්නවා! වාඩිවෙයල්ලකෝ විපක්ෂයේ! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.