ඉන්දීය ධීවරයන් උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මාළු සම්පත කොල්ලකද්දී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිසිවක් නොකර සිටීමට එරෙහිව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමාණික්කම් මහතා මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු විරෝධතාවක නිරත විය.
මේ සදහා 100කට අධික බෝට්ටු එක්ව තිබුණු අතර ඔවුන් කළු කොඩි ඔසවා සිය විරෝධය පළකරන ආකාරයක් දැකගන්නට ලැබිණ.










