රසායනික පොහොර තේ වගාව සදහා අත්‍යවශ්‍ය බවත්, කාබනික පොහොර යොදා තේ වගාව සිදු කළ නොහැකි බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයකු වන ජෝන් සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිටත් තේ වගාව කහ පැහැ ගැන්වී ඇති බවත්, තේ ආදායම බරපතළ ලෙස පහත වැටිය හැකි බවත්ය.










