2022 වසර සඳහා වන අයවැය යෝජනා ලබන නොවැම්බර් 12වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව අද දිනයේදී පක්ෂ නායක රැස්වීමේදී සදහන් කොට ඇත.
ඒ අනුව දෙවන වර කියවීමේ විවාදයට දින 7ක් සහ කාරක සභා අවස්ථාවට දින 16ක් වෙන් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කොට තිබේ.
අයවැය තෙවෙනි වර කියවීමේ හෙවත් අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.










