ආණ්ඩුව 2017දී ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය මේ දිනවල දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිතයන් හමුවේ පෙන්වා දී ඇත.
මෙම සාකච්ජා ඊයේ කොළඹ සම්බන්ධන් මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවකදී මේ බව ඔවුන් දැනුම් දී තිබේ.
මීට අමතරව උතුරු නැගෙනහිර වාර්ගික ගැටලුවට දේශපාලන විසදුමක් ලබාදීම, දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ හමුදාමය කටයුතු ඉහළ යාම, උතුරේ ඉඩම් අත්පත් කර ගැනීම ආදිය සම්බන්දයෙන්ද මෙහිදී දෙමළ සන්ධානය යුරෝපා නියෝජිතයන් දැනුවත් කොට ඇත.










