සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 27 වන පියවර ලෙස රුපියල් විසි එක් ලක්ෂ පහලොස් දහසක් (රු. 2,115,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතය.
රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර 2ක්, රුපියල් තුන්ලක්ෂ විසිපන් දහසක් (රු. 325,000) වටිනා CTG Machine යන්ත්‍රයක් හා රුපියල් දොළොස් ලක්ෂයක් (රු. 1,200,000) වටිනා Defibrillator යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කෙරේ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.










