කුරුණෑගල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සහ ‘කොවිඩ්’ රෝගී ප්‍රතිකාර අංශයේ සේවය කරමින් සිටි වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් මරණයට පත්ව තිබේ.
‘කොවිඩ්’ ආසාදිතව අසාධ්‍ය තත්වයට පත්ව කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගිය බවත් දෙදරු පියෙකු වන ඒ මහතා මිය යනවිට 57 වැනි වියෙහි පසුවූ බවත් එම රෝහල පවසයි.










