මෙලනෝමා සහ පිළිකා කෙරෙහි වයසට යෑමේ බලපෑම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන විද්‍යාඥ අශානි වීරරත්න, ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කර ඇත.
ධවල මන්දිරය පසුගිය 15 දා මෙම පත්වීම නිවේදනය කළේය.
අශානි වීරරත්න 2019 සිට ජෝන්ස් හොප්කින්ස් විද්‍යයාතනය සමග කටයුතු කරයි.










