ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි.
ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.
දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණවලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී.තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.
In comparison to India, daily cases >4 times, daily deaths >10 times and case fatality >3 times high in Sri Lanka. Deaths are much worse than India's worst situation. Yet, the test per case -1/8th of India. The high fatality is entirely due to underreporting of cases. pic.twitter.com/oDuALmRpfa
— Prof Suneth Agampodi (@sunethagampodi) August 9, 2021










