ඊයේ (10) දිනයේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් යුතුව සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය පැවැත්වුණු ගෝල්ෆේස් පිටියට රටේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණද අද (11) වනවිට එම අවධානය සම්පූර්ණයෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙත යොමුව ඇත.
අද පෙරවරු 7ට මැතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වන අතර සවස 4ට එය අවසන් වීමට නියමිතය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙම මැතිවරණ ප්‍රතිපල තීරණාත්මකව බලපෑ හැකි නිසා ප්‍රධාන පක්ෂ සියල්ලම ඇල්පිටි මැතිවරණය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කොට ඇත.










