මෙවර පරිස්සම් නොවුණොත් මරණය නිසැකවම අත් වනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ කීය.
‘මේ පාර ප්‍රවේශම් නොවුණොත් ඔබට මරණය අත්වනවා නිසැකයි. රජයේ වැරැද්දෙන් වුවත්, PHI වැරැද්දෙන් වුවත්, බස් ඩ‍්‍රයිවර්ගෙ වැරැද්දෙන් වුවත් ලෙඩේ හැදුනොත් මැරෙන්නෙ අපි. තමන්ගේ වගකීම තමන් ආරක්ෂාව වීම .
මම අවුරුද්දක් වැක්සීන් එක නැතුව ලෙඩේ හදාගන්නෙ නැතුව හිටියා. මට අවුරුද්දක් ලෙඩ්ඩු එක්ක ඉඳලා පරිස්සම් වෙන්න පුළුවන් වුණා නම් ඔබට එය කරන්න පුළුවන්. හරියට මාර්ගෝපදේශ පිළිපදින්න ඔබට බේරෙන්න පුළුවන්’










