තමන් ඇතුලු අමාත්‍ය කණ්ඩායම විවිධ පෞද්ගලික ආයතනවල අනුග්‍රහය ලැබ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය නැරඹීමට ගිය බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අසත්‍යයක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ගුවන් ටිකට් පත් සහ ජපානයේ සිටින කාලය ඇතුළත වූ සියලු වියදම් පෞද්ගලික ඒවා බවත්, කිසිදු ආයතනයකින් අනුග්‍රාහක මුදල් ලබා නොගත් බවත්ය.











