එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පක්ෂ මූලස්ථානය වන සිරිකොතට රැගෙන ඒමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.
එජාප ප්‍රධානීන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග ඊයේ (07) පැවැති විශේෂ සාකච්ජාවකදී වික්‍රමසිංහ මහතා මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව වොක්ෂෝල් වීදියේ පිහිටුවා ඇති ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාලය මගින් පෞද්ගලික මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය දියත් වන අතර දීපව්‍යාප්ත මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සිරිකොත පක්ෂ මූලස්ථානය මගින් දියත් වීමට නියමිතය.