පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Krunal Pandya කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර ඇත.
කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණවල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති සේවය වාර්තාකරන පරිදි Krunal Pandya කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.










