ආණ්ඩුවේ ඇතැමුන් තමා අවුට් කිරීමට උත්සාහ කළත් තවමත් නොදැවී ක්‍රීඩා කරන බවත්, එම දිගු ඉනිමෙහි රහස සෑම පන්දුවකටම පිත්ත නොදා සිටීම බවත් ලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
තමා තමන්ගේ ගමන යන බවත්, ඒ ගමනේදී බුරන බල්ලන්ට ගල් ගසන්නට නැවතී ගමන පමා කරගන්නේ නැති බවත් ඒ මහතා කීය.
ඒ අතරතුර බල්ලන් බිරුවත් බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වුණොත් තම ගමන යන්න බැරි වෙන බව ද ඇමතිවරයා පැවසීය.
තමාව ආණ්ඩුවෙන් එළවන්න යනවාද යන්න අදාළ නැතැයි කී ඇමතිවරයා ඒ ගැන සොයමින් කටයුතු වෙනස් කරන්නේ නැතැයි ද කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පිවිතුරු හෙළ උරුම පක්‍ෂ කාර්යාලයේදීය.
ආණ්ඩුවෙන් එළියට දැම්මොත් තමා වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට බව කී ගම්මන්පිල මහතා ජනතාවට ඇත්ත පමණක්ම කීමෙන් විශ්වාසයක් ගොඩනගාගෙන ඇති තමා ජනතාව අතරට යාමට බියවන්නේ නැතැයි ද කීවේය.
ආණ්ඩුව තුළදීත් ඉන් පිටතදීත් තම ශක්තිය වන්නේ තමා පිළිබඳ විශ්වාසය තැබූ ජනතාව බව කී ඇමතිවරයා එම විශ්වාසය පළුදු කර ගන්න සූදානම් නැතැයි ද සඳහන් කළේය.
රටේ විදේශ විනිමය අර්බුදයක් තිබෙන බව ජනතාවට හමුවේ පැවසුවේ එම විශ්වාසය ආරක්‍ෂා කරගැනීමට බවත්, ජනතාවට බොරු කර, ඔවුන් සුරංගනා ලෝකයක අතරමං කරන ආණ්ඩුවකට පැවැත්මක් නැතැයි ද කීය.
තෙල් මිල වැඩි කලේ තමාගේ ප්‍රධානත්වයෙන් අගමැතිතුමන් ද සහභාගි වුණු ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී බව රටේ රාජ්‍ය නායකයා මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්න මතුකරන ඇතැමුන් කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය බොරුවක් කියා කීම බව ද පැවසීය.
