මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නව ආර්ථික සැලසුමක් හදුන්වා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනටමත් බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකානු බලධාරීන් සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජාවලදී ලංකාවේ ආර්ථික අර්බූදෙයන් ගොඩඒම සදහා අමෙරිකාවේ ආර්ථික සහාය ලබා ගැනීම සම්බන්ධෙයන් අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
කස්වෙතත් බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ සුලු පක්ෂවල විරෝධය මතුවීමේ අවදානමක්ද මේ වනවිට මතුව ඇති නමුත් එම විරෝධතා නොසලකා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මුදල් අමාත්‍යවරයා දැඩි තීන්දුවක් ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










