කිසිසේත්ම ජනාධිපතිවරණ වේදිකාවේදී දී සජිත්ට හානියක් වන කිසිවක් ශ්‍රිලනිපය විසින් සිදු නොකරන බවටත්, පොහොට්ටුව ලකුණ යටතේ කිසිසේත්ම විපක්ෂ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය නොදක්වන බවටත් ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට සහතික වී තිබේ.
ඊයේ (01) රාත්‍රියේ ජනාධිපති නිලනිවෙසේ ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අතර පැවැති පළමු නිල සාකච්ජාවේදී ජනාධිපතිවරයා මෙම සහතිකය ලබා දී ඇත.
මීට එජාපය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් සමහභාගී වී ඇති අතර ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට අමතරව දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහභාගී වී ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතව තිබුණද සාකච්ජාවට කලින් සජිත් ප්‍රේමදාස මහතා හා අගමැතිවරයා අතර පැවැති සාකච්ජාවේදී වික්‍රමසිිංහ මහතා සදහන් කර ඇත්තේ දෙවන වටයේ සාකච්ජා සදහා තමන් සම්බන්ධ වීමට සූදානමින් සිටින බවකි.
ඒ අනුව එජාප නියෝජිත පිරිස ජනාධිපතිවරයා මුණගැසී ඇති අතර ඉතා සුහදශීලී අයුරින් සාකච්ජා පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලසීමාව තුළ ආණ්ඩුව පැත්තෙන් යම් යම් වැරැදි සිදුවූ බව පිළිගෙන ඇති අතර තමන් යටතේ පිහිටුවන ආණ්ඩුවක එවැනි වැරැදි කිසිවක් සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ජනාධිපතිවරයාද මෙහිදී සදහන් කොට ඇත්තේ ශ්‍රීලනිපයට එජාපය සමග එකම වේදිකාවක නැග දේශපාලනය කොට පුරුදු නැති නමුත් එකට ආණ්ඩු කොට පුරුද්දක් ඇති බවකි. ඒ අනුව ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරය තුළ සජිත්ට හානිදායක කිසිවක් සිදු නොකරන බවටත්, පොහොට්ටුව සලකුණ යටතේ කිසිසේත්ම ගෝඨාභයට සහාය දැක්වීමට ශ්‍රීලනිපය කටයුතු නොකරන බවටත් ජනාධිපතිවරයා එජාප නියෝජිතයන්ට දැනුම් දී ඇත.










