‘අපි ශ්‍රී ලංකා’ නමින් නව පක්ෂයක් එළිදැක්වීමට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කර සිටියේය.
සියලුම වමේ පක්ෂ එකමුතු කර ගනිමින් මෙම නව පක්ෂය නිර්මාණය කරන බවත්, ඒ සම්බන්ධයෙන් සූම් සාකච්ජා මේ දිනවල පවත්වමින් සිටින බවත් වෙල්ගම මහතා කියා සීටියේය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා රාජපක්ෂවරුන් පිළිබදවත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිළිබදවත්, සජිත් ප්‍රේමදාස මහතා පිළිබදවත් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණ.










