විමල් වීරවංශ මහතා අමාත්‍ය ධූරය දරන කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමට දින කිහිපයකට ප්‍රථම අනූෂ පැල්පිට මහතා හා විමල් වීරවංශ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.
පොස්පේට් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මෙම වචන හුමවාරුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.
වාර්තා වන අන්දමට විමල් වීරවංශ මහතා විසින් මෙම පොස්පේට් වයාපෘතිය සම්බන්ධයෙන් ලිපි රැසක් අනූෂ පැල්පිට මහතා වෙත එවා ඇති අතර පැල්පිට මහතා ඒ සියල්ල නීතිපති උපදෙස් සදහා නීතිපතිවරයා වෙත යොමු කර තිබී ඇත.
නමුත් පසුගිය දිනෙක විමල් වීරවංශ මහතා දුරකතනයෙන් අමතා ඒ පිළිබද විමසද්දී පැල්පිට මහතා ඒ සියල්ල නීතිපතිවරයා වෙත යොමු කොට ඇති බව දැනුම් දී ඇති අතර එම පිළිතුරෙන් කෝපයට පත්ව ඇති වීරවංශ මහතා පැල්පිට මහතා වෙත දැඩිව දොස් පවරා ඇති බව වාර්තා වේ.
එහිදී පැල්පිට මහතාද පෙරළා පවසා ඇත්තේ කටින් ගසා තමන් බිය කළ නොහැකි බවත්, තමන් නීතියට අනුව කටයුතු කරන බවත්ය.
පසුව වීරවංශ අමාත්‍යවරයා දුරකතනය විසන්ධි කර ඇති බව ද දැනගන්නට තිබේ.










