කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබූ දයා රත්නායක මහතා එම තනතුර බාරගැනීමට අකැමැත්ත පළ කොට ඇති බව දැනගන්නට තිබේ.
අද සවස් වරුවේ කර්මාන්ත අමාත්‍යංශ ලේකම්වරයා වූ අනූෂ පැල්පිට මහතා ඉවත් වීමත් සමග වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ රත්නායක මහතාව එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
නමුත් මේ වනවිට රත්නායක මහතා එම තනතුර බාර ගැනීමට අදිමදි කරමින් සිටින බව වාර්තා වේ.










