ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙවර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට පෙර ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ සඳුදා සවස 6ට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත බවකි.
නමුත් අද කර ඇති දැනුම්දීමකින් මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන බව සදහන් කොට තිබේ.
කෙසේවෙතත් තෙල් මිල ප්‍රශ්නය මුල්කරගෙන මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දැනගන්නට ඇත.










