රටට විහිලු සැපයීම නවත්වා වහාම තෙල් මිල පහත හෙළීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
විහිළු සැපයීම නවත්වා තෙල් මිල පහත දමනු
ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතොවට විහිළු සපයමින් සිටී. තෙල් මිල වැඩි කිරීම
පිළිබඳව පොනහොට්ටුවේ ලේකම් විසින් අතිශයින්ම විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට පැය
කිහිපයක් යනවිට ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊට නොදෙවෙනි විහිළු සහගත නිවේදනයක්
නිකුත් කොට තිබේ. එකී නිවේදනය ප්‍රකාරව දේශීය නිෂ්පාපාදන මත රදා පවතින ආයෝජන හෝ
පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්ථතනය කර ගැනීමට රජය ගත් තීරණයකට අනුව තෙල් මිල
ඉහළ නංවා තිබේ.
මේ දරුණු ව්‍යසනකාරී මොහොතේ ජනතාවගේ ජීවිත මත උසුලාගත නොහැකි ජීවන බරක් පටවා
ඇති ආණ්ඩුව තෙල් මිල ඉහළ නංවා ‘දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට’ තෙල් මිල ඉහළ නැංවූ බවට
අවිචාරවත් තර්කයක් ගෙනැවිත් තිබේ.
දේශීය නිෂ්පාදන දිරි නගන බව පවසමින් පොහොර තහනම් කළ ආණ්ඩුව කාබනික
පනහොර පිටරටින් ආනයනය කිරීමට යයි. දේශීය පොල්තල්, රටේ පරිභෝජනයට
අවශ්‍යය තරම් තිබියදී පොල්නතල් ආනයනයට බදු සහන දෙයි. මෙරට ගොවීන්නේ වී
අස්වැන්න ලැබෙන විටම පිටරටින් සහල් ආනයනය කරයි. එසේ ආණ්ඩුව තෙල් මිල ඉහළ
නංවමින් දේශීය නිෂ්පොදනවලට දිරි දෙදෙබව පැවසීම තරම් හාස්‍යයක් තවත් තිබේද?.
මෙය මහ දවල් සිදුකළ මංකොල්ලයකි.
ජනතාව පටි තදකරගෙන දුක් විදී. ඒ් ගැන නොතකා හැර සැප වාහන ගෙන්වීමට ණයවර ලිපි
නිකුත් කළ ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා සිය සාපරාධී ස්වරූපය මනාව ඔප්පු කර තිබේ.
දේශීය ආර්ථිකය නැංවීමට නම් ඛණිජ තෙල් සඳහා දේශීය විකල්ප ඇති කළ යුතුය. ඒසේ
කිරීමට පෙර තෙල් මිල ඉහළ දැමීමෙන් දේශීය නිෂ්පාදන තව දුරටත් අඩු වීම සිදුවේ. රසායනික
පොහොර තහනම් කොට ආණ්ඩුව ගොවි ජනතොව දුරදිග නොබලා කබලෙන් ලිපට දැමූ
අතර දේශීය නිෂ්පොදනවලට විකල්පයක් ඇති නොකර තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත
රටම වළ පල්ලට දමා ඇත.
2020 වසරේ ලෝක වෙළෙදපොල් ඉන්ධන මිල ගණන් සැසදීම්දී අවම තරමින් ඩීසල්
ලීටරය රු.104 සිට රු.91.92 දක්වොත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු.137 සිට රු.124.30
දක්වොත්, භූමිතෙල් ලීටරය රු.70 සිට 58.80 දක්වොත් අඩු කොට ජනතාවට සහනයක් ලබා
දීමේ හැකියාව අප ඒ් දිනවල දිගින් දිගටම අවධාරණය කළද ආණ්ඩුව එම ඉල්ලීම
අවඥවෙන් බැහැර කළ අතර ඇතැම් ඇමැතිවරු කීවේ‘තෙල් මිල අඩු නොකරන්නේ ජනතාව රස්තියාදුවේ යයි කියා.
තෙල් මිල ස්ථායිකරණ අරමුදලක් ආරම්භ කොට තෙල් මිල අඩු වී නම් මුදල් ඊට යොමුකරන බවත්,
තෙල් මිල වැඩිවූ විට ඒ අරමුදල යොදොගන ජනතාවට වාසිය සලසන බවත් 2020 මාර්තු 19 ඇමැති
බන්දුල ගුණවර්ධන පැවැසීය.
එම අරමුදලට සිදුවූ දේ අපි විමසා සිටිමු.
මිනිස් ජීවිත සමඟ මෙතම්ර විහිළු කරන පාලනයක් මෙමෙ ඉතිහාසයේ හෝ තිබී නැත.
අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ තෙල් මිල ඉහළ දැමීමට ගත් තීන්දුව වහා
හකුලා ගන්නා ලෙසත් ජනතාව පෙලීමට ගත් තීරණය ආපසු හරවා ගන්නා ලෙසත්ය.










