“මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත්කරණයට ලක්වන තුරු මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට එන්නත ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ එන්නත මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. රට තුළ ජීවත්වන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සෞභාග්‍ය වෙනුවට. මේ රටේ ජනතාවට මම දෙන පණිවුඩය තමයි අපි ඉතාමත් ඉක්මනින් එන්නත් ලබාදීලා එන්නත තුළින් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන තෙක් අපේ මාතෘ භූමියට ගෙන්වා ගත හැකි උපරිම එන්නත් ප්‍රමාණය ගෙන්වා ගෙන උපරිම ලෙස එය ව්‍යාප්ත කරනවා.“
විපක්ෂනායකවරයා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සුවය ලබා අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විපක්ෂනායකවරයා මාධ්‍යයට මේ බව කියාසිටියේය.
තමා එන්නත ලබාගැනීමට පෙර රටේ ජනතාවට එන්නත ලබාදිය යුතුයි යන ප්‍රතිපත්තියේ සිට එවැන්නක් සිදුකළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.










