ලබන 29 වැනිදා සිට අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍යක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
රජයේ පාසල් විවෘත කිරීමට තවමත් තීරණයක් ගෙන නැතැයි ද, මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් අමාත්‍යංශයේ දැඩි විපරමෙන් පසුවන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මෙවැනි ප්‍රවෘත්ති පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.










