• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිනිගත් නැව ගැන සජිත්ට ප්‍රශ්න ගොඩක්!

May 28, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
රසායනික නැවේ ගින්න දරුණු වෙයි: නැව දෙකට කැඩෙයිද? අලුත්ම වීඩියෝව මෙන්න EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී විනාශ වී ගිය රසායනික ද්‍රව්‍ය රැගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

කොරෝනා රෝගය සදහා ප්‍රතිකාර ගනිමින් සිටයදී ඒ මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබීම විශේෂිතය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවට අදාල සිදුවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ නිවේදනය!

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් නවයකට ආසන්න මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරමු.

එක්සප්‍රේස් පර්ල් නැව මැයි මස 10 දින ඩුබායි හි ‘ජෙබෙල් අලි’ වරායෙන් නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25 ක් ඇතුළුව බහලුම් 1486 ක් පටවා ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාවට සැතපුම් දහස් ගණනක් ඈත ආරාබි මුහුදේ හෝමූස් සමූද්‍ර සන්ධියට ආසන්න වෙත්ම බහලුම් 2 ක නයිට්‍රික් ඇසිඩ් කාන්දු වන බව නැවේ කාර්ය මණ්ඩලය සොයාගෙන ඇති බවත් පැවසේ.

ඇසිඩ් කාන්දුව වාර්තාවීමත් සමග නැව කටාර් දේශයේ Hamad වරාය වෙත යාමට උත්සාහ කොට ඇති අතර, නමුත් ඇසිඩ් කාන්දුව නිසා වරායට ඇතුල් වීමට කටාර් රාජ්‍ය අවසර දී නැත.

එවන් තත්වයක් තුළ මෙවැනි අවධානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදුවිය හැක්කක් නොවේ. ඒසේනම් ඊට අවසරය ලැබුණේ කෙසේද?කාගෙන්ද? යන බරපතල ප්‍රශ්නය මේවනවිට පැන නැගී තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳව පුන පුනා කතා කරන ආණ්ඩුව මෙවන් අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු තීරය වෙත පැමිණෙන තුරු නිහඬව සිටියේ ඇයි?

අදාල ගිනිගැනීම හේතුවෙන් සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව වාර්තා වේ.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්‍රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්‍ය වාර්තා පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර මේ සිදුවීම හරහා පැන නගින විශේෂ ගැටලු කිහිපයක් වේ.

විශේෂයෙන්ම මේ ගිනිගැනීම හේතුවෙන් අදාල සමූද්‍රීය කලාපයට දැඩි හානි සිදුවීමත් ඒ් හේතුකොටගෙන සෟජු සහ අතුරු ප්‍රශ්න රැසක් නිර්මාණය වීමත් නොවැලැක්විය හැකි කරුණකි.මේ හේතුවෙන් ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් සිදු වී ඇත.නෞකාවේ විෂ රසායන හේතුවෙන් මෙම මුහුදු තීරයන්හිදී අල්ලා ගන්නා ලද මසුන් ආහාරයට ගැනීමද අනතුරුදායක බවටද විශේෂඥ මත ඉදිරිපත්ව ඇත.

කොරෝනා උවදුර නිසා මේ වන විට ලංකාවේ ලක්ෂ 10 කට පමණ ‍රැකියා අහිමිව ඇති අතර මෙම නාවික අනතුර නිසා තවත් ලක්ෂයකගේ පමණ රැකියා අවධානමකට ලක්ව තිබේ.

අදාල නෞකාවට ඉන්දියාවෙන්ද බහාලුම් එක්කර ඇති බව පැවැසෙන අතර ඉන්දීය වයිරස් ප්‍රභේදය ද ඒ හරහා මෙරටට එක් වීමේ අවදානමක් ඇතැයි ද අනතුරු අඟවා ඇත.රසායන ද්‍රව්‍ය සහිත ඉන්ධන ගසාගෙන විත් මුහුදු තීරයට එකතු වීමෙන් ජලජ ජීවීන්, කොරල් පර හා අවට විශාල වායු දූෂණයක් ඇතුළු බරපතළ හානි සිදු විය හැකි බව විශේෂඥ මතය යි.

වායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් ඇසිඩ් වැසි ඇති වන ස්වභාවයක් ගන්නා අතර එලෙස ඇති වන වායුව හේතුවෙන් අවට ප්‍රදේශවල ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් විද්‍යාත්මක තත්ත්වය යි.

විශේෂයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඒකිනෙකට පරස්පර මත ආණ්ඩුවේම පාර්ශව විසින් ඉදිරිපත් කරන අතර එය මේ සිදුවීම පිළිබඳව දැඩි සංකීර්ණතාවයක් ඇති කිරීමට හේතු වී තිබේ.

අදාල නෞකාව මෙරට සමූද්‍ර කලාපයට යාත්‍රා කළේ කාගේ අවසරය පිටද? නෞකාව මෙරට සමුද්‍රීය පද්ධතියට පැමිණෙන බව අදාල පාර්ශව වලට විධිමත්ව දැනුම් දුන්නාද? ඒ්සඳහා වගකීම භාර ගන්නේ කවුද?.සිදුවී ඇති පාරිසරික හානිය හේතුවෙන් අදාල නෞකාව අයත් ආයතනය ශ්‍රී ලංකාවට කොපමණ වන්දියක් ගෙවිය යුතුද? හානිය තක්සේරු කරන්නේ කවුද?.එම වන්දිය ලැබෙන බව විශ්වාසද?.

ඉකුත් සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළතිරයේ සිට නාවික සැතපුම් 38 කට එපිටින් නිව් ඩයමන්ඩ් නමැති නැව ගිනිගෙන විනාශ වූ අතර ඊට ඩොලර් මිලියන ගානක වන්දියක් දුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබීය. ඒ් මුදල් පවා ලැබුණාද නැද්ද යන්න තවමත් නිෂ්චිතව පවසා නැත.

මේ සියලු කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හොළිදරව් කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

SendShareShare
Previous Post

රන්ජන් සිටින හිරගෙදරින් ගිනිඅවියක් අතුරුදන්!

Next Post

චීන රස්සා ඕනෑ නම් චීන භාෂාව ඉගෙනගන්න: වාසු කෙළින්ම කියයි

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.