විදේශිකයන්ට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ජුනි 01 වැනිදා සිට ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව සියලුම සංචාරකයන් දැනට පනවා ඇති දින 14ක නිරෝධායන කාලසීමාවට යටත්ව ලංකාවට පැමිණිය හැකි බව එම අධිකාරිය සදහන් කරයි.
කෙසේවෙතත් ලංකාවට පැමිණෙන ගුවන් යානයක උපරිම සංචාරකයන් ප්රමාණය 75ක් විය යුතු බවද අධිකාරිය සදහන් කරයි.
මීට අමතරව ශ්රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට පූර්ව අනුමැතියකින් තොරව ලංකාවට පැමිණිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.










