එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් සහ විවිධ කොටස් පාවී ඒමේ ප්‍රවනතාවක් ඇති දික්ඕවිට සිට හළාවත දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
වැල්ලවත්ත සිට පානදුර දක්වා වෙරළ තීරයේද එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකය.
අදාල නෞකාවෙන් මුහුදට වැටී පාවී එන කොටස්වල විවිධ රසායනික සංයෝග අඩංගු විය හැකි බැවින් එම කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස නාවික හමුදාව ජනතාවට දැනුම් දී සිටී.










