කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් කොටස්, දැවී තෙල්,අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොක්ලට් ආදී කෙටි කෑම වර්ග මීගමුව වෙරළ තීරයේ, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබේ.
එසේ ගොඩගසා ඇති බහාලුමකින් වෙරළ පුරා විසිරී තිබෙන චොක්ලට් ආදී කෙටි කෑම වර්ග ඇතැම් පිරිස් රැගෙන යන තත්ත්වයක් දැකගත හැකි බවය.
ඒ අතර දහනයට ලක්වූ කන්ටේනර් කොටස් සහ තවත් විවිධ උපකරණ කොටස් රාශියක් දැකගන්නට ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් ආරක්ෂක අංශ පවසා සිටියේ නැවෙන් ගොඩගසන කිසිවක් නොඅල්ලන ලෙසටය.










