ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වූ ප්‍රකට ව්‍යාපාරික උපාලි ජයසිංහ මහතා කොළඹ වෝඩ් පෙදෙසේ ඇවිදිමින් සිටියදී හදිසි හෘදයාබාධයක් මතුව ඇද වැටී තීබේ.
ඒ අනුව මේ වනවිට ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
කුරුදුවත්ත පොලිසිය මේ බව තහවුරු කරමින් කියා සිටියේ මේ වනවිට ඒ මහතා පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරයට ඇතුළත් කොට ඇති බවකි.
හදිසි හෘදයාබාධය හේතුවෙන් සිදුවූ ඇදවැටීම හේතුවෙන් ඒ මහතාගේ හිසෙහි පසුපස ප්‍රදේශය පදික වේදිකාවේ ගැටෙන ආකාරයක් දැකගන්නට ඇත.










