කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව සදහා වෙනත් එන්නතක් ලබා දීමේදී එකම වර්ගයකින් ලබා දෙනවාට වඩා අතුරු ආබාධ මතුව ඇති බව සිදුකර ඇති පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් යන එන්නත් යොදාගෙන මෙම පරීක්ෂණ සිදු කර ඇත.
එහිදී ඇස්ට්‍රාසෙනිකා -ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා දෙකම ලබා දුන් පුද්ගලයන්ට අතුරු ආබාධ මතුවූවාට වඩා ඇස්ට්‍රාසෙනිකා පළමුව ලබා දී දෙවනුව ෆයිසර් මාත්‍රාව ලබා දුන් අයට අතුරු ආබාධ වැඩි වී ඇති බව හෙළිව තිබේ.
එමෙන්ම ෆයිසර් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට වඩා ෆයිසර් පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවනුව ඇස්ට්‍රාසෙනිකා මාත්‍රාව ලබා දුන් අයට අතුරු ආබාධ වැඩි වී ඇති බව හෙළිව ඇත.
මෙහිදී අධික ශීතල, උණ සහ මස්පිඩු වේදනාව දැඩිව මෙම පුද්ගලයන්ට දැනී ඇති බව වාර්තා වේ.
අවුරුදු 50ට වැඩි පුද්ගලයන් 820ක් යොදාගෙන මෙම පරීක්ෂණය සිදු කර තිබේ.











