කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 923කි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,269 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළගොස් තිබේ.










