අකුණු පහරකින් වන අලින් 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් දිස්ත්‍රික්කයේ පිහිටි රක්ෂිතයක් තුළදී එල්ලවූ අකුණු පහරකින් මෙම අනතුර සිදුව ඇත.
ප්‍රාන්ත වනජීවී බලධාරීන් සඳහන් කර සිටියේ ගම්වැසියන් ගෙන් ලද තොරතුරු අනුව තමන් සිදුවීම වාර්තා වූ රක්ෂිතයට ගොස් පරික්ෂා කිරීමේදී මියගොස් සිටි වන අලින් 18 දෙනෙකුගේ සිරුරු සොයා ගත් බවයි.
මියගොස් ඇති අලින් ගේ මරණ පරීක්ෂණ සිදුකිරිමට නියමිත බවත් එහිදී වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් වනජීවී බලධාරීන් සඳහන් කොට ඇත.










