බස්නාහිර-දකුණ-වයඹ සහ සබරගමු පළාත්වලට අද දිනයේදීත් මිලිමීටර් 100 ඉක්මවන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා මෙන්ම මා ඔය සහ අත්තනගලු ඔයේ ද ජල මට්ටම ඉහළ නගිමින් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය.











