• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාරාන්තික බ්‍රිතාන්‍ය ප්‍රබේදය ලංකාවට ආවේ උදයංගගේ යුක්‍රේන බුබුළෙන්!

May 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මාරාන්තික බ්‍රිතාන්‍ය ප්‍රබේදය ලංකාවට ආවේ උදයංගගේ යුක්‍රේන බුබුළෙන්!
Share on WhatsAppShare on Facebook

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය රටට කාන්දු වූයේ පසුගිය කාලයේ සංචාරක බුබුළු ක්‍රමවේදය යැයි පවසමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන සහ වෙනත් රටවල සංචාරකයින් හරහා යැයි පැහැදිලිවම කිවහැකි බවත් එය එසේ නොවන්නේ නම් මෙම ප්‍රභේදය රටට කාන්දු වූ ආකාරය රජය විසින් හෙළි කළ යුතු බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ප්‍රභේදයක් රටට ආවාම ඒ ප්‍රභේදය කොහෙන්ද රටට ආවෙ, කාන්දු වුණේ කියලා හොයාගන්න ලංකාවෙ තියෙන තාක්ෂණය ලංකාවෙ තියෙන රසායනාගාර පහසුකම්, දැනුම, සෞඛ්‍ය යාන්ත්‍රණය, ඒ වෙනුවෙන් රටේ මිනිස්සු ගෙවන බදු මුදල ඉතාම ප්‍රමාණවත්. ඒක කියන්නැත්තෙ අපි කියන දුර්වලතා පිළිබඳව ගණන් ගන්නෙ නැති නිසා, උද්දච්ඡ ස්වභාවයෙන් මේවා කරන්නට උත්සාහ කරන නිසා. ඒවා කරලා ඉවරවෙලා ඒවා අමතක කරන නිසා.

එනිසා අපි දැන් නැවත මතක් කරනවා. ඔන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද වාර්තා කරලා තියෙනවා ඉන්දියානු ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා කියලා. හැබැයි අපි නැවත නැවත කියනවා ඉන්දියානු ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා කියලා අද වාර්තා කළාට මේක ආවෙ අද කියලා කියන්න කාටවත් බෑ. මොකද අපි දිගින් දිගටම කිව්වා ඉන්දියානුවන් ලංකාවට ගෙන්නනකොට අවදානය යොමුකරන්න, ඒ සම්බන්ධයෙන් තියෙන යාන්ත්‍රණය බලන්න කියලා. ඊටපස්සෙ ඉන්දියාව අතිශය අවදානම් කලාපයක් වෙනකොට අපි කිව්වා ඉන්දියානුවන් ලංකාවට ගෙන්නන එක නවත්තන්න, අඩුම ගාණෙ ඉන්දියානුවන් ලංකාවට ගෙන්වනකොට මේ ගෙන්වන අයගේ PCR පරීක්ෂණ ටික වගකීමෙන් කරන්න රජයේ රෝහල්වල කරන්න, ප්‍රභේද පිළිබඳ අනුමාන කරන්න පුළුවන් ප්‍රතික්‍රියක යොදවලා කරන්න කියලා.

මේ එකක්වත් සත පහකට ගණන් ගත්තෙ නෑ. අර මොනවද බුබුළු හරහා ගෙන්නලා නිරෝධායනය කරනවා කියලා එක පාරක් යුක්‍රේනයේ සහ විවිධ රටවල කණ්ඩායම් ගෙනාවා නිරෝධායනය කරන්න. ඒක හොරෙන් කළේ. ඒ හොරෙන් කරපු එකේ ප්‍රතිඵලයක් හැටියට එක්සත් රාජධානියේ ප්‍රභේදය රටේ පැතිරුණා කියලා අපට පැහැදිලිවම කියන්න පුළුවන්. අපි කියනවා මේක ගැන හොයලා බලන්න. කොන්ද කාන්දු වුණේ ? ඒක කියනකල් අපට සැක කරන්න වෙනවා මේක තමයි ක්‍රමවේදය කියලා.

දෙවැනියට වෙළඳ දැන්වීම් දාලා ඉන්දියානුවන්ට කොරන්ටයින් වෙන්න මෙහෙ එන්න කියලා ගෙන්නාගත්තා ඉන්දියානුවො. ගෙන්නලා අපි කොච්චර කිව්වත් ඒක සම්බන්ධයෙන් සැලකිලිමත් වුණේ නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔන්න රටට ඉන්දියානු ප්‍රභේදය ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් සැලකිලිමත් වියයුතු ප්‍රභේද 4යි තියෙන්නෙ. ඒ හතරෙන් තුනක් දැන් ලංකාවෙ තියෙනවා. නැත්තෙ බ්‍රසීල ප්‍රභේදය විතරයි. හෙට අනිද්දාට ඒ ප්‍රභේදය ගෙන්නාගන්නත් පුළුවන් නම් බුබුළක් හදලා වැඩපිළිවෙලක් යොදයි. මොකද අපි කියන එක නෙවෙයි, ඊට විරුද්ධ එක කරන නිසා” යැයි ඒ මහතා පවසයි.

SendShareShare
Previous Post

කොරෝනා හොඳ වෙද්දි දෑස් අන්ධ වන තවත් දුර්ලභ ‌වයිරසයක් ඇවිත්!

Next Post

අන්න රෝසිගෙ ගෙදර එන්නත් විදිනවා: පොදු ජනතාවටද? නෑ රෝසිගෙ හිතවතුන්ට!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.