රට වටෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග ඇඳන් 1,200ක ධාරිතාවෙන් යුත් කොරෝනා රෝහලක් ඉදිකිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත. සීදූවෙ ඉදිකරන මෙම රෝහල යුද හමුදාවෙන් ඉදිකරන විශාලතම රෝහල ලෙස සැලකේ. දැනටම මෙහි කටයුතු නිමාකොට ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත සෞඛ්‍ය අංශ වෙත එය භාරදීමටද නියමිතය.













